Photo Frame

ඔන්න මම අද හිතුවා ගෙදර ඉන්න අම්මලා/ අක්කලා / නංගිලා එක්ක එකතු වෙලා පුංචි නිර්මාණයක් කරන්න. හැමෝම ආසයිනේ ඔයාලගෙ පවුලේ ලස්සන මතකයන් එකතු කරපු photo frames වලට. ලස්සන photo ගෙදර තිබුනට, ඒවා ගෙදරම display කරලා මතකයන් රස විදින්න ආස වුනාට ඕක frame කරගන්නවා කියන එක ගැන මටත් තිබූනෙ හරිම කරදරකාරී හැගීමක්. Frame කරන තැනක් හොයාගෙන ගෙදරින් එලියට පැන ගන්නවා කියන එකයි, හබිය ඕක කරලා දෙනකල් බලාගෙන ඉන්නා එකයි දෙකම අමාරු දේවල් නෙමේ, කරන්න බැරි දේවල්. ඉතින් ඕක ගැන හිතලා විදෝ විදෝ ඉන්නවට වඩා හොදයි මට නම්, ගෙදර තියෙන බෝඩ් ටිකක් අරන් කාඩ්බෝඩ් frames හදාගෙන මගෙ ආසාව සංසිදවා ගන්න එක. ඔන්න එහෙනම් එකතු වෙමු කට්ටියම කාඩ්බෝඩ් frames හදන්න.

මේක ලොකු feame එකක්. බිම හිටවලා තියන්නෙ.

මේක බිත්තියෙ එල්ලුවෙ double foam tape එකකින් අලවලා.

මම ගත්තෙ printout එකක්. එහෙම ගත්ත photo එකේ size එක 5 3/4″ x 5 3/4″. ( printout එක පුතාල ලග තිබුන එකක්. ටිකක් ගනකම් වෙන්න මම බෝඩ් එකක ඇලෙව්වා)
ඒ වගේම frame එක හදන්න ෆොටෝ එකට වඩා 4″ වැඩි බෝඩ් එකක් ගත්තා. ඒ කියන්නේ 9 3/4″ x 9 3/4″.

කලු පාට බෝඩ් එකේ 1/2″ mark කරගන්න. මම කෙලින්ම scoreboard එකෙන් නැවුම් පාරවල් එක්කම mark කරගත්තා. Scoreboard නැති අය රූලෙන් 1/2″ එලියෙ පැත්තෙ ඉදන් හතර පැත්තෙන්ම mark කරලා ඉරි ඇද ගන්න.

මේ වගේ. Level හතරක්, හතර පැත්තෙන්ම අගල් 1/2″ ගානේ ඉරි ඇද ගන්න

ඊට පස්සේ බෝඩ් එක කෙලින් තියලා බලන්න. අපි ඇද ගත්ත බෝඩ් එකේ කොන් හතරෙ පුංචි කොටු 16 ක් තියෙන සමචතුරස්‍ර 4 ක් තියෙනවා නේද? ඒ යටම සමචතුරස්‍ර යේ ඉදන් දකුණු අත පැත්තට වෙන්න 1/2″ ක් mark කරගන්න. (යටම ඉදන් දෙවෙනි සහ තුන් වෙනි ඉරි මත) ඊට පස්සෙ පෙන්නලා තියෙන විදියටම ඉරි ඇදගන්න.

උඩ එක තේරුනේ නැති අය මේක බලන්න. උඩයි යටයි මේ විදියට ඇද ගන්න.

තේරුනාද? ඊට පස්සෙ මම කූචු බූචු ගාලා තියෙන පුංචි කොටු 16 සමචතුරස්‍ර හතර කපලා අයින් කරන්න.

දැන් මෙන්න මේවිදියට එනවා

ඊට පස්සෙ උඩයි යටයි ඇද ගත්ත ත්‍රිකෝණාකාර කොටසත් කපලා අයින් කරන්න. කොටස් හතරක් කැපෙනවා.

දැන් අපි මුලින් ඇදගත්ත ඉරි වලින් නවලා, නැමුම් පාරවල් හදන්න.

මේ විදියට level හතර , හතර පැත්තෙන්ම නමලා, නැමුම් පාරවල් හදා ගන්න

නැවුම් පාරවල් දිගේ box shape හැදෙන විදියට නවන්න. මෙහෙම නවපුවම ගම් ගාන්න ඕනි නෑ, ඉබේම වටේ frame එක වගේ set වෙනවා.

මේ විදියට photo එක ඇතුලට දාලා frame එක neat එකට නවලා set කරගන්න.

මේ විදියටඑනවා ඔන්න. ඕනි නම් කොන් වලට ගම් ටිකක් දාන්නත් පුලුවන් නොගැලවෙන්නම ❤️